Tuesday, March 30, 2010

විශාල ෆයිල් එකක් හරහා පහසුවෙන් ඩවුන්ලෝඩ් කිරීමට






අන්තර්ජාලය සමඟ සම්බන්ධ වීමට බහුලවම භාවිතා වන්නේ, ඩයල්අප් මොඩම් එකක් හා දුරකතන සම්බන්ධතාවක් භාවිතයෙන් ඇති කර ගනු ලබන ‘ඩයල්අප් කනෙක්ෂන් (dial-up connection)’ එකයි. ඩයල්අප් මොඩෙම් එකක දත්ත සම්ප්‍රේෂණ වේගය තත්පරයට කිලෝ බිට් 56 ක් (56 kb/s) ලෙස දැක්වුවත් දුරකතන මාර්ග අවහිරතාවයන් නිසා බොහෝ විට ප්‍රායෝගිකව මෙම වේගය 15kb/s හා 52kb/s අතර පරාසයක පවතී.

ඩයල්අප් කනෙක්ෂන් එකක් හරහා සාමාන්‍යයෙන් 1MB ට වඩා අඩු ෆයිල් එකක් පහසුවෙන් ඩවුන්ලෝඩ් කළ හැකි වුවත් මෙගා බයිට් කීපයක විශාල ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කිරීම සඳහා බොහෝ වේලාවක් ගත වේ. සමහර විට මෙම කාලය පැය දෙකක් හෝ තුනක් වුවද විය හැක. එවිට අදාළ ෆයිල් එක ඩවුන්ලෝඩ් කිරීමට වැඩි කාලයක් සඳහා ඉන්ටනෙට් බිල හා දුරකතන බිල ගෙවිය යුතුය.

මෙසේ ඩවුන්ලෝඩ් කරමින් සිටියදී හදිසියෙම අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි වුවහොත්එතෙක් වේලා ඩවුන්ලෝඩ් වු දත්තයන් සම්පුර්ණයෙන්ම අහිමි වී යයි. දැන් ඉතින් නැවත ඩවුන්ලෝඩ් කිරීම පටන් ගත යුතුය. ඒ එතෙක් වැය කළ කාලයත් මුදලුත් සියල්ලම අමතක කරමිනි. මේ නිසා ඩයල්අප් කනෙක්ෂන් එකකින් විශාල ප්‍රමාණයේ ෆයිල් එකක් ඩ්වුන්ලෝඩ් කිරීම අපහසුය.

මෙම අපහසුතාවලින් මිදී විශාල ෆයිල් ඩයල්අප් කනෙක්ෂන් එකක් හරහා පහසුවෙන් ඩවුන්ලෝඩ් කිරීමට ඒ සඳහා විශේෂයෙන් සකස් කළ මෘදුකාංගයක් යොදා ගත හැකිය.මෙවැනි මෘදුකාංග වෙළෙඳ පොළෙන් මිලදී ගත හැකිවාක් මෙන්ම අන්තරජාලය හරහා නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනිමටද පුළුවන. ‘ෆ්ලෑෂ්ගෙට් ඩවුන්ලෝඩ් මැනේජර් (Flashget Download Manager)’ යනු එසේ අන්තර්ජාලය හරහා (http://www.flashget.com/index_en.htm) නොමිලේ ඩයුන්ලෝඩ් කරගත හැකි ජනප්‍රිය හා ආරක්ෂාකාරි මෘදුකාංගයකි.

මෙම මෘදුකාංගයේ සෙටප් ෆයිල් එක 6.41MB පමණ වේ. ඩයල්අප් කනෙක්ෂන් එකක් හරහා මෙම ෆයිල් එක ඩවුන්ලෝඩ් කිරීමට පැයකටත් වඩා වැඩි කාලයක් ගත වන නිසා කළ යුතු හොඳම දේ ඉන්ටනෙට් කැෆේ එකකින් ‘Flashget Installation’ ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගැනීමය. ඉන්පසු එය හරහා ෆ්ලෑෂ්ගෙට් ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගය පරිඝණකයට ඉන්ස්ටෝල් කර ගත හැකිය. මෙම මෘදුකාංගය නිවැරදිව ඉන්ස්ටෝල් වු පසු පරිඝණකයේ සිස්ටම් ට්‍රේ එකට ෆ්ලෑස්ගෙට් අයිකනය පැමිණේ. දැන් මෙම අයිකනය ඩබල් ක්ලික් කිරීමෙන් හෝ Start – Program හරහා යාමෙන් මෘදුකාංගය විවෘත කර ගත හැක.

ෆ්ලෑස්ගෙට් ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගය අවශ්‍ය පරිදි සැකසීම හෙවත් ‘basic configuration’ කිරීම.

මෘදුකාංගය විවෘත කළ පසු View මෙනුවේ Drop zone යන්න හා Recommendation යන්නෙහි ඇති ලකුණ ඉවත් කරන්න. Tools මෙනුවේ Default Download Manager යන්න ඉදිරියේ ඇති කො‍ටුවේ ලකුණ වැටි තිබේ දැයි බලන්න.

ෆ්ලෑස්ගෙට් වල වම්පස ට්‍රිලිස්ට් එකක් හෙවත් ෆයිල්වල අනුපිළිවෙලක් එකක් දක්නට ලැබේ. එහි Download යන්න සිලෙක්ට් කළ විට ඩවුන්ලෝඩ් ලිස්ට් එක ඕපන් වේ. මෙහි අඩංගු වන්නේ ඩවුන්ලෝඩ් කිරීමට ලබා ගෙන තිබෙන කාර්යයන් හා ඒවායේ ප්‍රගතියයි.

ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාව දත්ත සම්ප්‍රේෂණ ධාරිතාවය අනුව කුමන ඩවුන්ලෝඩ් කුමන වේලාවන්වලදි කළ යුතුද යන්න ‍තෝරා ගෙන සුදුසු පරිදි කීපයක්ම එකවර ඩවුන්ලෝඩ් කරවීමට ෆ්ලෑස්ගෙට් මෘදුකාංගය සමත් වේ. යම් ඩවුන්ලෝඩ් වීමක් අවසන් කළ පසු කුඩා සංගීත රාවයක් ඇසෙන අතර ඩවුන්ලෝඩ් ලිස්ට් එකෙහි නවතා ගෙන ඇති ඉතිරි ඩවුන්ලෝඩ් වලින් එකක් හෝ කීපයක් ඊළඟට ඩවුන්ලෝඩ් කරවීම ආරම්භ කරයි.

මෙසේ ඩවුන්ලෝඩ් සිදු කෙරෙන අතරතුර යම් ලෙසකින් ඉන්ටනෙට් සබඳතාවය බිඳ වැ‍ටුණේ නම් එතෙක් සිදු කළ ඩවුන්ලෝඩ් සියල්ලම සු‍රැකිව තබා ගෙන නැවත ඉන්ටනෙට් වෙත සම්බන්ධ වු විට නැවතත් ඒවා නැවතුනු තැන සිට ඉදිරියට ගමන් කිරීමට ෆ්ලෑෂ්ගෙට් මෘදුකාංගයට හැකියාව තිබේ.

එසේම පහළ ඇති Graph ටැබ් එක මත ඩවුන්ලෝඩ් වීම පැහැදිලිව පෙන්නුම් කරයි. මෙහි නිල් පැහැ කො‍ටුවලින් මෙතෙක් ඩයුන්ලෝඩ් කොට ඇති දත්තයන් නිරූපණය කෙරෙන අතර කොළ පැහැ කො‍ටුවලින් දැක්වෙන්නේ දැනට ඩවුන්ලෝඩ් කෙරෙමින් පවතින දත්තයන්ය. අළු පැහැ කො‍ටුවලින් දැක්වෙන්නේ තවමත් ඩවුන්ලෝඩ් කිරීමට ඉතිරිව ඇති දත්ත ප්‍රමාණයයි.

ෆ්ලෑස්ගෙට් මඟින් යම් වෙබ් අඩවියක් හෝ කොටසක් ඩවුන්ලෝඩ් කරන හැටි

යම් වෙබ් පි‍ටුවක ඇති ඩවුන්ලෝඩ් කළ හැකි ගොනුවක් මත ක්ලික් කළ විට දැන් පරිඝණකයේ ‘default download manager’ ලෙස තිබෙන ෆ්ලෑස්ගෙට් මෘදුකාංගය ඊට මැදිහත් වේ. මෙහිදී Add New Download ලෙස වින්ඩෝවක් මතු වන අතර එහි Category නම් ලිස්ට් එකෙන් ෆ්ලෑෂ්ගෙට් වල කොතැනට මෙම ඩවුන්ලෝඩ් කිරීම සිදු කළ යුතුද යන වග සිලෙක්ට් කර දිය හැක.(Default setting ලෙස downloaded ස්ථානය select වී තිබේ.) මෙවිට ෆ්ලෑෂ්ගෙට් විසින් ඩවුන්ලෝඩ් කර අවසන් වු ඒවා තේරූ ස්ථානයට ඇතුළත් කරනු ලැබේ.

පහළින් ඇති save to යන ස්ථානය ඩවුන්ලෝඩ් වු ෆයිල් එක පරිඝණකය තුළ පිහි‍ටුවනු ලබන ස්ථානයයි. Category එක වෙනස් කරන විට ඊට අදාළව මෙම save to ස්ථානයද වෙනස් වේ. වෙනත් ඕනෑම තැනකට ඩවුන්ලෝඩ් වන ෆයිල් එක ලබා ගත යුතු නම් Browser බොත්තම මඟින් අදාළ ස්ථානය ‍තෝරා දිය හැකි වන අතර අදාළ කාර්යය ඩවුන්ලෝඩ් කොට අවසන් වු පසු මේ ස්ථානයට සේව් කරයි.

ඩවුන්ලෝඩ් කරගත යුතු වෙබ් අඩවියේ ලිපිනය දන්නේ නම් එය ෆ්ලෑෂ්ගෙට් මෘදුකාංගය වෙත එය ලබා දීමෙන් කෙළින්ම එම වෙබ් අඩවිය ඩවුන්ලෝඩ් විම ආරම්භ කිරීමේ හැකියාවත් මෙම මෘදුකාංගය සතුය.

ඒ සඳහා ෆ්යිල් මෙනුවෙන් New download මත ක්ලික් කොට Add New Download වින්ඩෝව මතු කොට ගත යුතුය. එහි URL ස්ථානයට අදාළ වෙබ් අඩවියේ ලිපිනය ඇතුළු කොට OK කළ හැක.

ඉහත ක්‍රම දෙකේදීම සිදුවන්නේ අදාළ ඩවුන්ලෝඩ් කාර්යය ඩවුන්ලෝඩ් ලිස්ට් එකට Add කරවිමයි. ඉන්පසු කලින් සඳහන් කළ පරිදි ඩවුන්ලෝඩ් කරවීම සිදුවන අතර නිම කරන ලද ඩවුන්ලෝඩ් ඔබ විසින් ලබා දුන් ස්ථාන වලට මාරු කරනු ලැබේ.

සැලසුම් කොට ඩවුන්ලෝඩ් කිරීම හෙවත් ’schedule’ කිරීම.

Add New download වින්ඩෝවේ ඇති Advance බොත්තම මඟින් අමතර සෙටින්ග්ස් වලට යා හැක. එහි ඇති start නම් ලිස්ට් එකේ default setting එක කොහිවේලේත් මතුවන එකකි. අවශ්‍ය පරිදි ඩවුන්ලෝඩ් විමේ කාර්යයන් ‍තෝරා ගෙන ඒවා අවශ්‍ය පරිදි ඩවුන්ලෝඩ් ලිස්ට් එකට ඇතුළත් කොට පසුව ඒවාඩවුන්ලෝඩ් කරවීම කළ හැක. එසේ අවශ්‍ය නම් start ලිස්ට් එකෙන් schedule ‍තෝරා දෙන්න.

එවිට ලබා දෙන ඩවුන්ලෝඩ් කිරීමේ කාර්යයන් ඩවුන්ලෝඩ් ලිස්ට් එකට ඇතුළත් කර ගනු ලබන නමුත් ඩවුන්ලෝඩ් කිරීම ආරම්භ නොකරයි. ඔබට අවශ්‍ය සියල්ලම ඩවුන්ලෝඩ් ලිස්ට් එකට Add කළ පසු ඩවුන්ලෝඩ් එකක් schedule කළ හැක. මෙහි ඇති වාසිය වන්නේ ඩවුන්ලෝඩ් කිරීම නවතා තිබෙන බැවින් වෙබ් පි‍ටු නැරඹිමේදී වේගය බාල නොවිමයි. ඔබගේ කාර්යය අවසන් වනතුරු කාර්යක්ෂමව වෙබ් පි‍ටු සමග වැඩ කළ හැකි වන අතර ඔබගේ කාර්යය නිම කිරිමෙන් අනතුරුව ඩවුන්ලෝඩ් විමේ ක්‍රියාවලිය ආරම්භ කරවිය හැක. Add New download වින්ඩෝවේ සිදු කරන ලද වෙනස්කම් දිගටම පවත්වා ගත යුතු නම් ‘OK’ කිරීමට පෙර ’save as default button’ එක ක්ලික් කළ යුතුය. නැතිනම් ඊළඟ වතාවේදි වින්ඩෝව මතු වන්නේ default settings සමඟය. Tools මෙනුවේ Hang up when done යන්න සලකුණු කොට තැබු විට ඩවුන්ලෝඩ් ලිස්ට් එකේ සියළුම ඩවුන්ලෝඩ් අවසන් කරවා ඉන්ටනෙට් සම්බන්ධතාවය විසන්ධි කිරීමද සිදු කරවයි. Tools මෙනුවේ Shut down when done යන්න සලකුණු කොට තැබු විට ඩවුන්ලෝඩ් අවසන් වී පරිඝණකය ෂට්ඩවුන් කරවයි.

ඩවුන්ලෝඩ් වු ෆයිල් save විමේ ස්ථාන සැකසිම හෙවත් ‘category’ කිරීම

ඩවුන්ලෝඩ් එකක් Add කරවන විටදි ස්ථානය හෙවත් ලොකේෂන් (Location) එක සකස් කළ හැකි වුවත් වඩාත් පහසුවට කලින් අදාළ ස්ථාන සකස් කොට තැබිය හැක. මේ සඳහා ට්‍රීලිස්ට් එකේ එක් එක් ෆෝල්ඩරය මත රයිට් ක්ලික් කොට ලැබෙන මෙනුවෙන් Properties ‍තෝරා යන්න. එහි ඇති Default directory නම් ස්ථානය ඉදිරියේ ඇති කුඩා බට්න් එක මඟින් අදාළ Category එක සඳහා ලැබෙන ඩවුන්ලෝඩ් කුමන ස්ථානයේ save කළ යුතුද යන්න ලබා දිය හැක.

එසේම ඕනෑම ස්ථානයක අළුතෙන් Category එකක් සෑදීමටත් තිබෙන category එකක් ඉවත් කිරීමටත් ඒ මත රයිට් ක්ලික් කොට ලැබෙන මෙනුවේන් විධාන ලබා දිය හැක. මේ නිසා අවශ්‍ය ආකාරයට save ව්මේ ස්ථානය සකස් කර ගත හැක.

ඩවුන්ලෝඩ් වු ෆයිල් විවෘත කිරීම


save වන ස්ථානය දන්නේ නම් My computer භාවිතා කොට අදාළ ස්ථානය වෙත යමෙන් ඩවුන්ලෝඩ් වු ෆයිල් ඕපන් කර ගත හැක. එසේත් නැත්නම් අදාළ ස්ථාන සොයා ගැනිමට ෆ්ලෑෂ්ගෙට් භාවිතා කළ හැක.

ෆ්ලෑෂ්ගෙට් හි ෆෝල්ඩර් ට්‍රී එකෙන් downloaded ස්ථානය ‍තෝරන්න. එසේ නැතහොත් download category ලෙස ලබා දුන් ස්ථානය ‍තෝරා ගන්න. එවිට එම category එක යටතේ සිදු කළ ඩවුන්ලෝඩ් සියල්ල දැක ගත හැක. එයින් අවශ්‍ය ඩවුන්ලෝඩ් එක ‍තෝරා ඒ මත රයිට් ක්ලික් කොට Open destination directory මත ක්ලික් කළ විට save වී ඇති ෆෝල්ඩරය එක ඕපන් කර දෙනු ලැබේ. එසේත් නැතිනම් අදාළ downloaded එක මත ඩබල් ක්ලික් කිරීමෙන් ෆයිල් එක ඕපන් කළ හැක.

internet එක හරහා වෙනත් ස්ථානයක ඇති computer එකක්අප අනසකට නතුකරගැනිම

Team Viewer ගොඩාක් වටිනා කියන software එකක්.මාරම වැදගත් ගොඩක් වැඩ කරගන්න පුලූවන් මෙකෙන්. සාමන්්‍යන් එකම Network Group එකක් ඇතුලෙ තියන Computer කිපයක් Remot Desctop ආධාරයෙන් හැසිරවිමේ හැකියාව තිබෙනව.නමුත් ඉන් පිටත ඇති computer එකක් හැසිරවිමට අවශ්‍ය වුවහොත් මොකද කරන්නෙ. එකට විසදුම තමා Team viewer . මෙමගින් අන්තර් ජාලය හා සම්බන්ධ ඕනෑම computer එකක් හැසිර විමේ හැකියාව පවතිනවා.අවශ්‍ය වන්නේ computer දෙකේම Team viewer install කර තිබිම පමනයි. install කිරිමෙන් පසු මෙ අකාරයට Team Viewer Open වේවි.





wait for session box එකේ තමන්ට අදාල Team Viewer ID එක පෙන්නාවි.අනෙක් Computer එකෙත් මේ ආකාරයටම පෙන්නාවි. Computer එක හැසිරවිමට අවශ්‍යනම් සිදුකල යුත්තේ Create session එකේ හැසිරවිමට අවශ්‍ය Computer එකේ ID එක ලබාදීම පමනයි.

මේ Software එකෙන් ගොඩක් වැඩගන්න අය යින්නව. මෙක ගොඩක් ප්රසිද්ධ Software එකක්
ගාඩක් කට්ටිය නම අහපු ගමම්ම මෙගැන දන්නව.

කමක්නැ අරන් පාච්චි කරල බලන්නකො. මෙතනින් Downlode කරගන්න









Friday, March 26, 2010
ඕනෑම හුවාවි Huawei HSDPA USB මොඩමයක් නොමිලේම Unlock කරගන්නේ මෙහෙමයි
මොඩෙම් lock/unlock කිරීම ලංකාවේ නීති විරෝදී දෙයක් නෙවෙයි. ඒත් එමගින් තමන්ගේ සේවාදායකයා සමග ඇති සෙවා ගිවිසුම අවලංගු වෙන්න පුලුවන්. ඒක නිසා මේක කරන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
මේ කියන ක්‍රමය Huawei USB 3G/HSDPA මොඩෙම් ඕනෙම මාදිලියකට වලංගුයි.

මොඩෙම් එකක් unlock කරගන්න මුලින්ම ඔන වෙන්නෙ අදාල කේත අංකයයි (unlock code). හුවාවි මොඩෙම් සදහා මේ කේත අංකය පදනම් වෙලා තියෙන්නෙ මොඩෙම් එකේ IMEI නොම්බරය මතයි. ඒක නිසා මුලින්ම මොඩෙම් එකෙ IMEI අංකය හොයගන්න. මේක ඉලක්කම් 15 ක නොම්බරයක්. මේක මොඩමෙයෙම හෝ ඇසිරුමෙ සදහන් කරලා තියෙනවා. නැත්නම් Mobile partner එකෙ Tools -> Diagnostic යටතේ බලාගන්න.





මෙ අංකය 354300020014078 යයි සිතමු. දැන් අදාල unlock කෙතය සොයගමු. මේකට කරන්න තියෙන්නෙ IE, Firefox වගේ ඕනම browser එකක් ඇරලා address එක වශයෙන්
http://bb5.at/huawei.php?imei=###############
ලබ දෙන එකයි. මේ address එකේ ############## වෙනුවට මොඩමයේ IMEI අංකය යොදගන්න. අපේ උදාහරනයේ විදිහටනම්
http://bb5.at/huawei.php?imei=354300020014078

(needs internet connection)

එවිට ඔබට මෙවන් පිටුවක් ලැබෙවි. මෙකෙ අදාල unlock code එක සදහන් වෙනවා.


අපේ උදාහරනයේ විදිහටනම් unlock code එක 41850586

දැන් කොහොමද unlock කරන්නේ. වෙන SIM එකක් දැම්මම Mobile partner ම unlock code එක ඉල්ලනවා නම් මේ code එක එන්ටෙර් කරන්න. එහෙම නැත්නම් පහත ක්‍රමය කරන්න

මුලින්ම මොඩෙම් එක සම්බන්ධ කරලා mobile partner රන් මෙවවනම් එකෙන් exit වෙන්න. ඊට පස්සෙ settings->control panel->system->hardware->device manager open කරගන්න. දැන් ports යටතේ HUAWEI Mobile Connect – 3G PC UI interface කියන එක හොයාගෙන එකත් එක්ක තියෙන COM පොර්ට් නොම්බරය බලාගන්න.


අපේ උදාහරනයේ විදිහටනම් COM4.

ඊලගට programs ->accessories ->communications –>Hyperterminal
වෙත ගොස් HyperTerminal window ලබාගෙන කලින් බලාගත් පොර්ට් එකට සදහා පිහිටුම් සකස් කරගන්න.









දැන් HyperTerminal එක connect කරගන්න.



දැන් මේ එකේ AT (A යතුර, T යතුර සහ Enter යතුර) විධානය ලබාදෙන්න. එතකොට සියල්ල නිවරදිව තිබෙනම් "OK" යනුවෙන පිලිතුරු ලබෙවි. මීලගට
AT^CARDLOCK= ######## විධානය ලබාදෙන්න. ######## කියන්නේ අදාල කේත අංකයයි. අපේ උදාහරනයේ විදිහටනම්
AT^CARDLOCK=41850586

එවිට පිලිතුරු වශයෙන්
^CARDLOCK 2,10,0 ලබෙවි.




දැන් unlock කිරීම ඉවරයි. මොඩෙම් එක කැමති විදිහකට පාවිච්චි කරන්න පුලුවන්. වෙනස් පිලිතුරක් ලැබුනොත් යම් තැනක වරදක් වෙලා තියෙනවා. නැවත උත්සාහ කරන්න කලින් මේකෙ comment එකක් දාන්න. (උත්සාහ කරන්න පුලුවන් 10 වරක් පමනයි).

Wednesday, March 17, 2010










බොහෝ දෙනෙක් ඇඩ්සන්වලින් මුදල් සොයන්නේ කිලික් xචේන්ජ් කිරීම මගින් මේ කියන්නේ මොකද්ද කියලා දන්න අයනම් දන්නවා නොදන්න අයත් ඇති නමුත් මේ ලිපියෙන් ඒක තේරුම්ගන්න පුළුවන් වේවී .

ඔය ඇඩ්වර්ක් කරන බිලොග් එකට දවසට අඩුම තරමේ පුද්ගලයන් කීදෙනෙක් එනවාද එහෙමත් නැත්නම් පිටුපෙරලීම් කීයක් සිදුවෙනවාද සමහරක් විට දවසට අපි 50දෙනෙක් එක්ක චැට් කරලා කොහම හරි රුපියල් 400-500 යක් හොයාගෙන එහෙම ඇඩ්සන් ගිනුම පැත්තේ රවුමක් ගහනකොට අනේ ඉතින් ctr එක නැගලා හිටුකියලා නේද මොකද ඉතින් අර උදේ ඉදන් ඇඩ්කිලික් දා ගත්ත උන් විතරනේ බිලොගට අවිල්ලා තියෙන්නේ.
ඔන්න ඉතින් පිටුපෙරලීම් මදිවුනගමන් ඇඩ්සන් ගිනුම අත්හිටවනවා අනේ ඉතින් ගෙදරිනුත් බැනුම් අහා අහ රැදෙකඩ හරිය වෙනකන් කරපු වැඩේ ඉවරයි කැගහලා අඩන්න හිතෙනවා නේද?. මොනවා කරලා හරි තව ගිනුමක් ඔන්න හදාගෙන වෙනදට වඩා පොඩ්ඩක් අඩුවෙන් ඇඩ්වලට කිලික් දාගන්නවා. ඒකටත් එහෙම උනොත්......

මමත් ඔය ඇඩ්වර්ක් කරනවා මා ලගත් ඕයාලාගේ යාහු මැසේන්ජරයේ වාගේ යාලුවෝ 758 ක්ම ඉන්නවා හැබැයි ඉතින් සිංහල දන්න අයනම් 28ක් ඇති. මමත් ඉතින් හවසට කරන්නේ යාහුමැසේන්ජරේට ලොග් වෙලා ෆන් එකේ ඇඩිවර්ක් කරන එක ඒ කියන්නේ මගේ බිලොගේ url එක චැට් එකේ ඉන්න යාලුවට දෙනනවා එයාගේ එක මට දෙනවා ඔන්න මම මට ඕන ඇඩ් කිලික් ගානයි පිටුපෙරලීම් ගානයි බාර දෙනවා එයත් same කියයි ඔන්න දැන්දෙන්නා වැඩ. ඕන්න ඕකයි කෙටියෙන් කිලික් xචේන්ජ් කියන්නේ. නොදන්න අයටයි
ඔය අතරේ මම තවත් පුංචි වැඩක් කරනවා ඒ තමයි ලින්ක් xචේන්ජ් මේක තමයි මගේ දවසට වැඩි පුර පිටු පෙරලීම් 1600 ක් විතර සිදුවෙන රහස හැබැයි මේකත් එක්තරා විදිහක එපාවෙන වැඩක්.
ඒත් කරන්යද්දි ලැබෙන ප්‍රයෝජනයනම් ටිකක් විතර හොදයි.
ලින්ක් xචේන්ජ් කරගන්න පුළුවන් වෙබිසයිට් සැහෙන ප්‍රමානයක් තියෙනවා ඒවායින් එකක් ඔයාලට හදුන්වලා දෙන්නම් මෙන්න මේකයි ඒ සයිට් එක

හැබැයි මුලින්ම කියන්න ඕනේ මේ බැනර් එක මගේ Referral එකක් කැමති අයට ඕකෙන්ම යන්න පුළුවන් නැත්නම් වෙනම කවුළුවක් ඕපන් කරන් ඒ කොටස කපලා මේන් සයිට් එකට යන්න. ගිහිල්ලා ඕකේ රේජිස්ටර් වෙන්න මෙන්න මේ වාගේ පෝරමයක් තමයි තියෙන්නේ


ඉන්පසුව රෙජිස්ටර් වේලා එහෙම වැඩේ මෙන්න මෙහෙම පටන් ගන්න පළමුව ඔයාගේ මෙම අඩවියේ එකවුන්ට් එකට ගිහිල්ලා බැනර්කිලික් කියලා එකක් තියෙනවා අන්න ඒක පළමුව කිල්ක් කරන්න බලන්න මෙන්න මේ වාගේ පේජ් එකක්ද කියලා ඕපන්උනේ

ඔන්න ඔය බැනර් අතර මගේ එකත් ඇති. දැන් ඉතින් ඔය බැනර් එකක් කිලික් කරලා බලන්න මෙන්න මේ වාගේ එකක් එනවද කියලා


දැන් ඉතින් ඔය credits අරන් අනිත් බැනර් ටිකත් කිලික් කරලා credits ගානක් හදාගන්න. දැන් ඉතින් වැඩේට බහිමු ඔයාගේ බැනර් එකත් මෙතනට දාන්න එපැයි නේද expos ur url කියලා ඔයාගේ එකවුන්ට් එකේ වම්පැත්තට වෙන්න තියෙනවා එක කිලික් කරහම මෙන්න මේ වාගේ එකක් එනවා

මෙතනදි ඔයා පොටොසොෆ් භාවිතයෙන් හෝ ඕනැම මෘදුකාංගයක් භාවිතා කරලා ඔයාගේ බිලොග් එකට බැනර් එකක් සදාගෙන ඒක කොහේ හරි හොසට් කරලා බැනර් එකේ ලින්ක් එක දෙන්න අනිත් තැනට ඔයාගේ බිලොග් ඇඩ්ඩ්‍රස් එක දෙන්න. දවසට එන්න ඕනේ පුද්ගලයන් එහෙමත් නැත්නම් පිටුපෙරලීම් සියයක් පහත කොටුවේ දලා ඔය ඇඩ් බැනර් කිලික් කරන්න හැබැයි ඔයාගේ තියෙන ක්‍රෙඩිඩ් ගානට වැඩේ කරන්න දැන් එනවා පොප් අප් වෙන පේජ් එකක් ඒක කැන්සල් කරන්නේ නැතිව බලන් ඉන්න ඔන්න ඔයාගේ වැඩේ සම්පුර්ණයි බැනර් එක වැඩ දැන්ගිහිල්ලා බලන්න අර බැනර් කිලික් කරන ලින්ක් එකට ඔයාගේ බැනර් එක එතන ඇති. දැන් වැඩේ ඉවරයි.
බලන්න ඔයා හෙට මෙම අඩවියට යද්දි මෙන්න මේ වාගේ එකක් ඕයාටත් තියෙනවාද කියලා


ඔය තියෙන්නේ අපුරුවට මම මේ අඩවියෙන් දවසට පිටුපෙරලීම් 100 යක් ගන්නවා මේ වාගේ 15වක විතර මම රෙජිස්ටර්වේලා තියෙනවා බලන්න එතකොට 1500ක පිටුපෙරලීම් මට ලැබිලා ඔයාලත් උත්සහකරලා බලන්න ඔයාගේ බැනර් එක දවසින් අයින් වේලා තියෙනවා කියන්නේ පිටුපෙරලීම් ලැබිලා කියලා නැවත පෙරසේම බැනර් එක අප්ඩේට් කරන්න එච්චරයි. ගොඩක් දෙනෙක් මේක කරන්නේ තමුන්ගේ වෙබ් එක ප්‍රස්ද්ද කරන්න මම නම් කරන්න පිටුපෙරළීම් කරගන්න විතරයි. අනික මම මේ වෙනුවෙන්ම හදපු බිලොගයක් තියෙනවා www.lktopbux.tk මම මේකෙන් කරන්නේ ඔය පිටුපෙරලීම් ගන්න එක. මෙන්න මේ විදිහට

එකක් මතක තියාගන්න ඔය කියන අඩවිවල බැනර් එකයි තව bux අඩවි දෙක තුනකයි බැනර් ඔයාගේ බිලොග් එක උඩ්න්ම තියාගන්න ඒවාගේ බිලොග් වලට සපෝට් එක ලැබෙනවා වැඩියි. තවත් මේ වාගේ සයිට් දෙකක බැනර් මම මෙතන දාන්නම් තව සයිට් ඕනේ නම් lktopbux.tk එකට ගිහිල්ලා තෝරගෙනම රේජිස්ටර්වෙන්න. ඔය කියන ගොඩක් bux අඩවිවල ලින්ක් x‍චේන්ජ් ක්‍රෙඩිඩ් ගන්න පුළුවන් හැබැයි ටිකක් මහන්සි වෙන්න ඕනේ ඒ වාගේම ප්‍රයෝජනයත් තියෙනවා.




උත්සහ කරලා බලන්න එහෙනම් තවත් ලිපියකින් හමු වෙමු මොන යම් හෝ ප්‍රරශ්ණයක් තියෙනවනම් අදහස් දලා යන්න පිළිතුර දෙන්නම්
ආ කියන්න බැරිඋනානේ අර මම මුලින් කී අඩවියේ ඔයාගේ බැනර් එක දාද්දි අනික් අයට ක්‍රෙඩෙඩ් පහක් පමණක් දෙන්න එ වගේම එක්කෙනෙකුට කිලික් එකපාරයි කියලා මතක ඇතිව දාන්නෝ........



එක් ඇඩ්සන් ගිනුමකට තවත් බිලොග් අඩවි හෝ වෙබ් අඩවි එක් කරගන්නා ආකාරය
3 comments

එක් ගුගල් ඇඩ්සන් ගිනුමකින් අපගේ සියලුම බිලොග් අඩවිවලට ගුගල් ඇඩ් දැමිය හැකියි නමුත් එම අඩවිවල ඇඩ්කිලික් අපට ලැබුනද පිටුපෙරලීම් නම් නොලැබෙනු ඇත. මෙයට ප්‍රධාන හේතුව වනුවේ ඔබගේ ප්‍රධාන අඩවිය පමනක් ගිනුමට ඇතුල් වී තිබෙන නිසාවෙනි. මෙම ක්‍රමය නිසාවෙන්ම අපගේ ගිනුම අත්හිටුවීමට ප්‍රධානව බලපැහැකි ය. මෙය වලක්වා ගැනීමට හැකිය එය මෙසේය...
පළමුව ඔබගේ ඇඩ්සන් ගිනුමට ඇතුල් වී පහළ දමා ඇති රූපය පරදී ඇඩ්සන් සැකසීමේ මෙනුවට යන්න


දැන් ඔබ සිටින්නේ ඇඩ්සන් සකසා ගැනීමේ ගොනුවේ නම් පහත දක්වා ඇති රූප සටහනේ පරිද්දෙන් Allowed Sites යන විදානය භාවිතා කර එම ගොනුවට යන්න.

දැන් ඔබ ඇතුල්වී සිටින්නේ Allowed Sites යන ගොනුවේ නම් ඔබ ඇඩ්සන් කරන සියලුම බිලොග් අඩවි හෝ වෙබ් අඩවි එම ගොනුවේ පහත ඇති කොටුවෙහි ගොනු කර සේව් විදානය භාවිතා කරන්න දැන් ඔබගේ සියලුම අඩවි ඇතුලත් වී අතර පිටුපෙරලීම්ද එකතු වනු ඇත.


මෙම ක්‍රමය භාවිතා කර ගිනුම අත්හිටුවා ගැනීම වලක්වා ගන්න. ඇඩ්සන් ගිනුමට පිවිසිමෙන් බිලොග් අඩවියෙන් අඩවියට පිටුපෙරලීම් හා ඇඩ්කිලික් වීම් ඔබට බලා ගත හැකිය. නොදන්න අයටයි මේ.

Monday, March 8, 2010


පහුගිය දවස්වල ඩොමේන් අලුත් අවුරුදු සේල් නිසා අපේ බ්ලොග් ලියන්නන් වැඩිදෙනෙක් අලුත් ඩොමේන් අරගෙන තිබුණා. (කොහෙද, මට තිබිච්ච හදිස්සියට ඔය චාන්ස් වදින්න කලින් නේ මම මේක ගත්තේ)


තමන්ගේම ඩොමේනයක් බ්ලොග් එකක් ඇරඹීමේදී වැඩිදෙනෙක්ගේ සිහියට එන්නේ වර්ඩ්ප්‍රෙස්. නමුත් වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය කරගන්න හොස්ටිං ස්පේස් එකක්, එහෙමත් නැත්තම් වෙබ් සර්වරයක ඉඩකඩක් අවශ්‍යයි. මෙන්න මේක මිලදීගන්න තමයි ඩොමේන් එකක් ගන්නවාට වඩා වැඩි මුදලක් යන්නේ. ඒ වගේම වර්ඩ්ප්‍රෙස් වැඩිය අල්ලන්නෙ නැති, බ්ලොගර් සරණං ගච්ඡාමි කට්ටිය (මේ මං වගේ) කොහොමද තමන්ගේ බ්ලොග් එක තමන්ගේ ඩොමේන් එකක පවත්වාගෙන යන්නේ? ඔව්. ඒ වැඩෙත් කරන්න පුලුවන්. හොස්ටිං සඳහා සත පහක වියදමක් නැතුව. (ඒක බ්ලොගර් බලාගනී) මමත් මේ බ්ලොග් එක කරන්නෙ ඒ විදියට. මොකද මට හොස්ටිං වලට ගෙවන්න සල්ලි නෑ.

මේ වැඩේ කරන්න මුලින්ම යන්න බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකෙන් තමන්ගෙ බ්ලොග් එකේ Settings වලටත් එතනින් Publishing ටැබ් එකටත්.

මෙතන තියෙන Switch to: Custom Domain ඔප්ෂන් එක වෙත යන්න.
මෙතනදි Google ඔබට අවස්ථාවක් ලබාදෙනවා ඔවුන්ගෙන් ඩොමේනයක් මිලදී ගන්න. අවුරුද්දකට ඩොලර් 10ක මුදලකට. ගාණ ටිකක් වැඩි උනත් මෙතන තියෙන වාසිය තමයි මෙතනින් ඉදිරියට කරන්නට ඇති settings සියල්ල ඔවුන් විසින් සිදුකර දීමත්, ඩොමේනයට Google Apps account එකක්ද සාදා දීමත්.

ඔබ දැනටමත් ඩොමේන් එක අරගෙන නම්, Already own a domain? Switch to advanced settings වෙත යන්න.

දැන් කල්පනා කරන්න ඔබ බ්ලොග් එකට යොදන සබ්ඩොමේන් එක මොකක්ද කියලා. උදාහරණයක් විදියට මම මේ බ්ලොග් එකට යොදා තියෙන සබ්ඩොමේනය ‘blog’ එවිට එහි ලිපිනය blog.indranama.com . ඒ ආකාරයට ඔබ කැමති සබ්ඩොමේනයත් සමග අලුත් ලිපිනය Your Domain කියන තැන සටහන් කරන්න. (අපි හිතමු ඔබේ සබ්ඩොමේනයත් blog කියලා)

දැන් තියෙනවා තවත් වැඩක්. බ්‍රවුසරයේ තවත් ටැබ් එකක් ඇරගෙන ඔබේ ඩොමේනයේ කන්ට්‍රෝල් පැනලයේ DNS Controls වෙත යන්න. (Godaddy හි මෙය My Products > Domain Manager වෙතින් යා හැකියි. එබ මිලදී ගෙන ඇති ඩොමේන එහි පෙන්වනු ඇති. එයින් ඔබ බ්ලොග් එක පවත්වාගෙන යාමට අදහස් කරන ඩොමේනය මත ක්ලික් කරන්න. එවිට ලැබෙන ඩොමේනයේ විස්තර වල Total DNS Control and MX Records මත ක්ලික් කරන්න.) මෙහි ඇති CNAME කියලා තැනක්. පොඩ්ඩක් හොයලා බැලුවොත් ඒ කිට්ටුව ඇති New CNAME Record කියලා එකකුත්. අන්න ඒක ක්ලික් කරලා අලුත් CNAME රෙකෝඩ් එකක් හදන්න ගන්න. එහි ‍Host යන ස්ථානයට දිය යුත්තේ ඔබේ අර සබ්ඩොමේන් එක. එනම් මෙහිදී blog . ඊලඟට Points to: කියන තැනට ghs.google.com යනුවෙන් සටහන් කරන්න. TTL අගය 1 Hour ලෙස තියන්න. දැන් OK කරලා CNAME එක සෑදීම අවසන් කරන්න. (මෙය අප්ඩේට් වීමට ටික වේලාවක් යාවි)

දැන් ආපහු යන්න බ්ලොග් එකේ settings හදන ටැබ් එකට. දැනටමත් ඔබ එහි සබ්ඩොමේනය සමග අලුත් නම සටහන් කරලනේ තියෙන්නේ. දැන් යටින් තියෙන Word Verification එකත් ටයිප් කරලා OK කරලා වැඩේ ඉවරයක් කරන්න.

එච්චරයි. ටික වේලාවකින්ම ඔබේ අලුත් ලිපිනයෙන් (http://blog.yourname.com) බ්ලොගය වෙත යාමට හැකිවේවි. මෙහිදී පැරණි ලිපිනයෙන් එන පාඨකයන් ද අලුත් ලිපිනය වෙත redirect වීම වාසියක්. (ඔබට www.yourname.com ලිපිනයත් බ්ලොගය වෙතටම ගෙන යාම
ට අවශ්‍ය නම් නැවතත් ඩෑෂ්බෝඩයෙන් Settings > Publishing වෙත යන්න. එතැන ඇති Redirect yourname.com to blog.yourname.com යනුවෙන් චෙක්බොක්ස් එකක්. ඒක ටික් කරලා OK කරන්න.)

මේ ආකාරයෙන් CNAME රෙකෝඩ් සාදමින් ඔබට බ්ලොග්ස් ඕනෑ තරම් ඔබේ ඩොමේනයට දාගන්න පුලුවන්, හොස්ටිං සඳහා සත පහක වියදමක් නැතුව. හොඳයි නේද වැඩේ?

වෙබ් ස්පේස් එකක් තියෙන අයට (මිලදී ගත් හෝ free hosting එකක්) වැදගත් වෙයි කියලා හිතෙන php script 2ක් ගැන තමයි මේ ලියන්න හදන්නේ. සරල Transloader එකක් හා සරල Click Counter එකක්, php භාවිතයෙන් නිර්මාණය වුන.

1. සරල Transloader එකක්

Transload කරනවා කියන්නේ එක් වෙබ් සර්වරයක සිට තවත් වෙබ් සර්වරයකට ෆයිල් හුවමාරු කිරීම. සාමාන්‍ය විදියට කොහේහරි වෙබ් ස්පේස් එකක තියෙන ෆයිල් එකක් අපේ ස්පේස් එකට ගන්න ඕනෙ උනාම කරන්නේ ඒක අපේ මැෂිමට බාගෙන නැවත අපේ ස්පේස් එකට අප්ලෝඩ් කරන එක නේ. දන්නවනේ ඉතින් අපේ අප්ලෝඩ් වේගය ! ඒ නිසා මේ වැඩේ හැමතිස්සෙම කරන්න වෙන්නෙ නෑ. ඒ නිසා වඩා පහසුයි transloader script එකක් භාවිත කරලා කෙලින්ම ඒ සර්වරයේ සිට අපේ සර්වරයට ෆයිල් එක ඇදීම.

මේ වැඩේට භාවිත කරන්න පුලුවන් සරල php script එකක් තමයි මේ. සරල කියන එකෙන් අදහස් කලේ server එකේ resources බොහොම අඩු ප්‍රමාණයක් තමයි මීට වැයවෙන්නේ.

මේ වැඩේ කරගන්න පුලුවන් Rapidleech කියලා script එකක් ගැන කවුරුත් වගේ අහල ඇති. නමුත් rapidleech නීතිවිරෝධී script එකක් කියලා බොහෝ web hosting service වලින් අඳුරගන්නවා. ඒ නිසා අපේ ස්පේස් එකේ rapidleech script එකක් තිබිලා මාට්ටු උනොත් account එක suspend වෙන්නත් ඉඩ තියෙනවා. මම මේ කියන්න යන script එක එහෙම නීති විරෝධී එකක් නෙමෙයි. (හැබැයි මම මෙය පාවිච්චි කරන්නේ කලාතුරකින් මගේ බ්ලොග් එකට අවශ්‍යවන දෙයක් සර්වරයට ඇදගැනීමට නිසා මම සේවාදායකයාට මේ බව දන්වලා අවසර අරගෙනයි තියෙන්නේ)

ඔබටත් පුලුවන් වෙබ් ස්පේස් එක ෆයිල් ගබඩාවක් කරගන්න, මේ script එක භාවිතා කිරීමෙන්. (free host එකකට මේක දාගෙන :P ). හැබැයි වැඩි වැඩ දාන්න ගිහින් account එක suspend කරගත්තොත් ඒ ගැන වග කියනු නොලැබේ. fair usage එක ඔබට බාරයි.

මෙන්න මෙතනින් script එක බාගන්න. වැඩකරන හැටි readme file එකේ ඇති. වැදගත් දෙයක් තමයි මේ script එකෙන් transload කරන්න පුලුවන් direct link තියෙන ෆයිල් විතරයි. ../dl.php?id=25 වගේ redirection links බාන්න බෑ මේ script එකෙන්.

ඉතාම වැදගත් දේ: තමන්ගේ සර්වරේ ඔය script එකේ ඇඩ්‍රස් එක කාටවත් නොකියන තරමට තමා හොඳ :D නැත්තං අනිත් කට්ටිය ඔබේ සර්වරයට ඇති පදම් ෆයිල් බාලා bandwidth/space limit පන්නලා තියාවි ලස්සනට :D

නිර්මාපකයාගේ අඩවිය


dot.TK මෙතෙක් කල් ලබාදුන්නේ URL and email redirection සේවාවක් පමණයි. ඒ කියන්නේ මට පුලුවන් blog.indranama.com කියන මේ බ්ලොග් එකේ දිග ලිපිනය වෙනුවට indranama.tk කියන කෙටි ලිපිනය ලබාගන්න. කවුරුහරි indranama.tk කියලා බ්‍රවුසරේ ටයිප් කරලා එන්ටර් කලාම ඒක සුපුරුදු ලිපිනයට redirect වෙනවා. මේ ක්‍රමයේ අපිට තියෙන අවාසියක් තමයි blog.indranama.com/about/ වගේ එකක් indranama.tk/about/ වගේ ගන්න බැරිවීම. මොකද .tk එකෙන් වෙන්නේ redirect වීමක් විතරක් නිසා.

ඔන්න දැන් dot.TK උදවිය තම ඩොමේන් වලට DNS control එකකුත් ලබාදීලා. ඒ කියන්නේ තවදුරටත් .tk කියන්නේ redirection එකක් විතරක් නෙමෙයි, සල්ලි දීලා ගන්න ඩොමේන් එකක් වගේ වැඩ දාන්න පුලුවන්. web space එකක තමන්ගේ වෙබ් අඩවියක් තියේනම් ඒ සඳහා .tk ඩොමේනයක් පාවිච්චි කරන්න පුලුවන්. continue reading…




නොමිලේ Flash වෙබ් අඩවි සෑදීමට Wix.




www.wix.com

මෙම වෙබ් අඩ්විය මගින් නොමිලේ Flash වෙබ් අඩවි සාදා ගැනිමට පුලුවන්. මේ සදහා Flash පිලිබද දැනුමක් අවශ්‍ය නෑ.මේකේ සිංහලනම් වැඩ කරන්නේ නෑ.ඔබත් Flash වෙබ් අඩවියක් සෑදීමට සිහින මැව්වා නම් මෙන්න අවස්තාව.
වෙබ් අඩවියට url එක දෙන්නේ -http://www.wix.com/yoursite කියලා .
නිකන් දෙන එකේ ඔයාලත් හදලා බලන්න .


නොමිලේ වෙබ් අඩවියක් ණිර්මානය කරන්න

http://www.synthasite.com/ මෙම වෙබ් අඩවියේ මගින් ඔබට නොමිලේ වෙබ් අඩවි ණිර්මානය කිරිමට පුලුවන්

මෙම වෙබ් අඩවිය මෙහි වෙබ් අඩවි ණිර්මානය කරන්නන්ට ඉතාමත් ඉක්මන් හා පහසු ලෙස තම වෙබ් අඩවිය සැකසීමට Website Builder එකක් දී ඇති අතර නොමිලේ web Templates ද ලබා දෙයි

වෙබ් අඩවියක් තැනිමට ඔබ කල යුත්තේ ඔබගේ, නම, ඊ මෙල් ලිපිනය, රහස් පදයක් ලබා ලබා දී එම වෙබ් අඩවිය්යේ Register වීම පමනයි.