

How to protect files in Portable Devices
Posted by Madhuranga Rathnayake 1 comments
දැන් දැන් ඕනෑම කෙනෙක් ගාව පෙන් ඩ්‍රයිව් වැනි ජංගම උපාංග තියෙනවා. මොකද ඒවා පරිහරණය ඉතා පහසුයි. එනිසාම බොහෝපිරිසක් තමන් එදිනෙදා භාවිතා කරන බොහෝ ලිපි, මෘදුකාංග, වගේම රහස්‍ය පද ආදියද රැගෙන යනවා. යම් විදියකින් පෙන් ඩ්‍රයිව් එක තෙවන පාර්ශවයක් වෙත ලැබුනොත් ඇතිවන ගැටළුකාරී තත්වය අමුතුවෙන් පහදා දෙන්න ඕන නෑනෙ. ඒ වගේ සිද්ධි අන්නතවත් සිදුවෙලත් තියෙනවා.
මේවගේ දේවල් වලින් මිදෙන්න විවිධ පුද්ගලන් විවිධ ක්‍රම භාවිතා කරනවා. සමහරු හකුලලා රහස්‍ය පද දානවා. තව සමහරු විවිධ මෘදුකාංග භාවිතා කරනවා. ඔය අතරින් මගෙ හිත ගත්තෙ නම් FreeOTFE කියන මෘදුකාංගය. නමේ තියෙනවා වගේම මෙය නොමිලේ බෙදාහරින මෘදුකාංගයක්. මෙය මගින් අපගේ ගොනු තනි වෙළුමක් ලෙස ගෙන එයට රහස්‍ය පදයක් එක් කළ හැකියි. ඉන් පසු අවශ්‍ය ඕනෑම වේලාවක දෘඩ තැටියක්, ජංගම වෙළුමක් හෝ සංයුක්ත තැටියක් ලෙස අපගේ පරිගණකයට සම්බන්ධ කොට / මවුන්ට් කොට භාවිතා කල හැකියි.
හොදම දේ නම් මෙය ජංගම මෘදුකාංගයක් ලෙස ක්‍රියා කිරීමත් අදාල සුරක්ෂිත වෙළුම ලිනක්ස් වලදීත් පීඩීඒ වලදීත් භාවිතා කළ හැකි වීමයි.
ඔබත් අත්හදා බලන්න,
[Download]
[Home page]



0 comments:
Post a Comment