Saturday, March 6, 2010

Google PageRank™ ගැන සරල හැදින්වීමක්


වර්තමානයේ Google සමාගම කියන්නෙ හැම අතින්ම සාර්ථක වුනු සමාගමක්නේ, ඔවුන්ට වසර 10ක් පමණ කෙටි කලක් තුල මෙවැනි දුර ගමනක් එන්න ප්‍රධාන වශයෙන්ම බලපෑවෙ Google සෙවුම් යන්ත්‍රය බව අන්තර්ජාලයේ නොදන්න කෙනෙක් නැති තරම්නේ. ඇත්තටම Google වල රහස මොකක්ද? එය නම් මේ අරුම පුදුම Google PageRank™ (PR)තාක්ෂණයයි. 1995 දී Larry Page විසින් Stanford විශ්ව විද්යාලයේ කරන ලද සොයගැනීමක් තමා, පසුව Sergey Brin සමග 1998 දී Google ලෙස නවතම මුහුණුවරක් ගත් සෙවුම් යන්ත්‍රයක් බිහිවුනේ.

මෙම නව සෙවුම් යන්ත්‍රය එහි සෙවුම් පද(Key words) සමග පෙළ ගැසීමේදී(Search Index) අනුගමනය කල පිලිවෙත තමා මේ PageRank™ , ඇත්තටම මෙය තරමක් දුරට තේරුම් ගන්න අපහසුයි. මූලිකව මේ ගැන අර්ථ දැක්වීමක් කලොත් “Google PageRank™ යනු යම් වෙබ් අඩවියකට(වෙබ් පිටුවකට )යොමු වී ඇති අන්තර්ගතයට අදාල සබැදුම්(Related Backlinks) සහ නියම අන්තර්ගතය(Unique Contents) මත 0 සිට 10 දක්වාපරිමාණයකට වර්ගීකරණයකි “. තේරුම් ගන්න අමාරුද මන්දා! :D

එහෙනම් තව ටිකක් උදාහරණ සහිතව පැහැදිලි කරන්නම්. වඩාත් ප්‍රචලිත සහ ගුණාත්මකභාවයෙන් වැඩි වෙබ අඩවි සදහා ඉහළ අගයකුත්(PR 7 සිට 10 දක්වා ), තරමක් හොද මට්ටමේ පවතින වෙබ් අඩවි සදහා PR 3-6 දක්වා අගයකුත් අන්කුත් සාමන්ය මට්ටමේ සහ නව වෙබ් අඩවි සදහා PR 0 සිට 3 දක්වාත් හිමි වෙනවා.

එහෙනම් Google PageRank™ පරීක්ෂා කලහැකි ආකාර ගැන සලකා බලමු.

* Firfox addon SearchStatus ,Live PageRank , Google Pagerank Status අතරින් එකක් Mozilla firefox browser එකට එකතු කිරීම. (වඩාත් පහසුම සහ නිර්දේශිත ක්‍රමය )
* Google Toolbar එක මගින්. (Web browser එකට ස්ථීරවම එකතු කිරීමට).
* Page Rank Checker වැනි වෙබ් අඩවියකින් පරීක්ෂා කිරීම.

අප එදිනෙදා භාවිතා කරන වෙබ අඩවි වල PR ගැන වැටහීමක් සහ හේතු ගැන සොයා බලමුකො.

Google PR10 :- අහන්නත් දෙයක්ද, සෑම Google වෙබ් අඩවියකට(Adsense, Gmail) පාහේ ඉහළ PR එකක් සතු වෙනවා, හේතුව නම් ඔවුන් තමන්ගේ අඩවි ඉතා මනාව සම්බන්ද කර ඇති නිසයි.

Facebook PR9 :- ප්‍රචලිත නිසාම තමා :D

Speedtest PR8 :- මේකට නම් ප්‍රධාන හේතුව ගොඩක් අය speedtest එකක් කරලා යන එන හැම තැනම screens shots එකතු කර Backlinks සැපයීමයි.

Wikipedia PR8 :- මෙහි ඇති අන්තරගතයටම තමා.

Adobe PR9 :- මෙයට නම් අන්තරගතය සහ ප්‍රචලිතභාවය යන කරුණු දෙකම බලපා තිබෙනවා.

PR වැඩිවීමෙන් අපට ලැබෙන වාසි මොනවාද

* Google සෙවුම් යන්ත්‍රයේ පෙළ ගැසීම්(Search Index)වල ඉදිරියට පැමිනීම.
* Google Adsense දැන්වීම් මගින් ලැබෙන ආදායම ඉහල යාම.
* වෙබ් අඩවියේ ගුණාත්මකභාවය වැඩිවීම.

මම දැනට උත්සාහ කලේ Google PageRank™ ගැන සරල වැටහීමක් ඔබටත් ලබා දෙන්න, මොකද අප රටේ ගොඩක් වෙබ් අඩවි පවත්වා ගෙන යන අය මේ ගැන සැලකිලිමත් වෙන බව හරි අඩුයි. මාස 3-4කට සැරයක් පමණ තමා මෙය මගින් යාවත්කාලීන කරන්නෙ, ඉතින් මම ඉදිරියට ලියන්න යන බ්ලොග් ලිපි වලට මෙය ගොඩක් ප්‍රයොජනවත් වෙනු නිසැකයි. වැඩිදුර තොරතුරු http://en.wikipedia.org/wiki/PageRank සහ http://www.google.com/corporate/tech.html මගින් පරිශීලනය කිරිමට පුළුවන්.

0 comments:

Post a Comment