අප රටේ වඩාත් ජනප්‍රිය වෙබ් අඩවි මොනවාද?
මමත් ඔය අන්තර්ජාලයේ නිකන් ඉන්න වෙලාවට බලන වාර්තාවක් තමා වැඩිම Traffic තිබෙන වෙබ් අඩවි මොනවාද කියා, ඉතින් මේ දේට වඩාත් සුදුසුම වෙබ් අඩවිය තමා Alexa වර්ගීකරණය. මේ සදහා ඔවුන් Alexa Tool bar එක ස්ථාපිත කරගත් පරිශීලකයන්ගෙන් කොපමණ පිවිසුම් ගණනක් ඇත්දයි සොයා බලනවා. මේ සදහා මම භාවිතා කරන්නේ Mozilla firefox හි SearchStatus 1.27 යන එකයි. මෙමගින් ඔබට යම් වෙබ් අඩවියක Alexa rank මෙන්ම Google PageRank ද පහසුවෙන් දැන ගත හැකියි. ඔන්න එහෙනම් ගැන මම පොඩි හැදින්වීමක් කළා.
මෙම බ්ලොග් ලිපියේ මතෘකාව අපරටේ වඩාත් ජනප්‍රියම වෙබ් අඩවි ගැන විග්‍රහයක්නෙ. මෙහිදී ඔබට අපරටේ ජනප්‍රියම වෙබ් අඩවි 100 ගැන දළ අවබොධයක් ලබා ගන්න පුලුවන්. කොහොමත් සෑම රටකම වගෙ අප රටෙත් Yahoo තමා පෙරමුණේ ඉන්නේ. ඇත්තටම Google පළමු ස්ථානයේ නැත්තේ ඔවුන් විවිධ රටවලට වෙන වෙනම සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීම නිසාය. එම නිසා තමයි ඊළගට Google.lk සහ Google.com සෙවුම් යන්ත්‍ර දෙක පිළිවෙලින් පෙරමුණේ සිටින්නේ. සිව්වන ස්ථානය නම් පුදුම සහගතයි. අප කවුරුත් හොදින් දන්නා Facebook හතරවෙනි තැනට ඇවිත්.
අප රටේ බ්ලොග්කරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටිනා බවට හොද සාක්ෂියක් තමා Blogger.com හත්වෙනි තැනටත් Wordpress.com 18වෙනි තැනටත් පත්වීම. මෙය අනෙකුත් ආසියාතික රටවල් සමග සැසදීමෙදි හොද කරුණක්. ඇත්තටම බ්ලොග්කරුවන් හැටියට අපිත් ආඩම්බර වෙන්න ඔනේ. අපේම් වෙබ් අඩවියක් ලෙස එළකිරි දසවෙනි ස්ථානයේ සිටීම පැසසිය යුතුයි.
අප රටේ පවතින යුදමය සහ දේශපාලන වාතාවරණය නිසා වෙන්න ඇති පුවත් පළ කරන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් ඉදිරියෙන්ම සිටීම. මේ අතරින් Daily Mirror , BBC Newsline Ticker ,Lankaenews.com , Lankadeepa.lk යනවෙබ් අඩවි කැපී පෙනෙනවා. ඔබ තවත් සුපරික්ෂාකාරිව බැලුවොත් පෙනේවි File Hosting, Torrent, Video Sharing, Social Networks, Telecommunication වෙබ් අඩවිත් අප රටේ ඉතා ජනප්‍රිය බව.



0 comments:
Post a Comment