Saturday, March 6, 2010

Facebook නව පෙනුමක් හදුන්වාදීමට බලපෑ කරුණු හා Facebook අනාගතය


මේ සතිය අවසන් වෙනවත් සමග බොහෝ දෙනෙක් අතරේ කතා බහට ලක්වුනු දෙයක් තමා Facebook නව පෙනුමක් හදුන්වා දීම. මීට මාස ගණනකට කලිනුත් ඔවුන් මේ දේම කළ බවට ඔබට මතක ඇති. බැලූ බැල්මට නම් මේ පෙනුම කිසි වැඩකට නැති එකක් ලෙස කෙනෙකුට තර්ක කරන්න පුලුවන්. මටත් එකවරම මේ නව පෙනුම දැකපුවහම පුදුම හිතුනා. ඉතින් මේ වෙනස් වීමක් පිටුපස අනිවාර්යයෙන් ලොකු හේතුවක් ඇති කියලා, අන්තර්ජාලයේ හොදට සොයා බැලුවා. ටිකක් මේ ගැන හොයද්දි තමා දැනගත්තේ මෙහි ප්‍රධාන අරමුණ. ඒ ඔවුන්ගේ තරගකරුවෙක් වන Twitter සමග කරට කර සටනක් දීම. ඇත්තම කිව්වොත් Twitter කොපි කිරීමක් :D

ඔබට Twitter ආගන්තුක නම් Twitter මොනවද ඔබ කරන්නේ? ලිපිය කියවන්න .මේ පසුගිය මාස වල මේ වෙබ් අඩවි දෙකේ සාමජික පිරිසේ ප්‍රමාණය ගැන සටහනක්.

ImageVisit ~ Fast Way to Host Images

තවමත් ප්‍රමාණාත්මකව Facebook ඉදිරියෙන් සිටියත් Twitter එන්න එන්නම අන්තර්ජාල භාවිතා කරන්නන් අතරේ ජනප්‍රිය වන ප්‍රවණතාවයක් තිබෙනවා. ඉතින් මේ දේ තමා නව පෙනුමට ගොඩක්ම බලපෑවේ. දැනට නව පෙනුමත් සමග විශේෂාංග කීපයක් ඔවුන් හදුන්වා දෙනවා.

  1. News Feed



ඔබගේ යහළුවන්ගේ නවතම තොරතුරු Facebook Homepage එකේ මැද, එනම් ප්‍රධානම කොටසේ ප්‍රදර්ශනය වීම තමා මෙම කොටසෙන් සිදු කරන්නේ. Twitter සමග සංසදනය කරද්දි කිසිම වෙනසක් පෙනෙන්න නැහැ. මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ අපෙ යහළුවන් කරන දේ ගැන ඉතාමත් ඉක්මනින් දැන ගැනීමට හැකිවීම. ඇත්තටම කලින් තිබූ ආකාරයට හැම දෙයක්ම මිශ්‍ර වී යාවත්කාලීන වීම දැන් පෙනෙන්නට නැහැ. ඉතින් Twitter මගින් ලබා ගන්නා මූලිකම පහසුකම දැන් පෙරටත් වඩා Facebook හොදින් සපයනවා.

2. The Publisher

මේ කලින් තිබූ Status Update කිරීම දැන් වැඩි පහසුකම් සහිතව ලබා දීම.

3. Discovering Content

මෙයින් ඉහතදී සදහන් නොවුනු යහළුවන්ගේ උපන්දින සිහිකැදවීම්, පින්තූර, යහළුවන්ගේ ක්‍රියාකාරකම් ආදී අනෙකුත් විශේෂාංග දකුණුපස වෙනමම දර්ශණය වෙමින් පවතිනවා.

කොහොමවුනත් දැන්නම් ගොඩක් අය මේ නව පෙනුමට කැමති නැහැ වගේ :( , මේවන විට Alexa වර්ගීකරණයට අනුව දැන් 5වෙනි ස්ථානයේ සිට 8වෙනි තැනට පසුබැස තිබෙනවා. ඉතින් Facebook පරිහරණය කරන ප්‍රමාණය මේ දිනවල පැහැදිලි අඩුවීමක් මෙයට බලපාන්න ඇති. කොහොම නමුත් ඔවුන්ට අපේ අදහස Submit feedback here මගින් දැනුම් දෙන්න පුළුවන්.

0 comments:

Post a Comment