Saturday, March 6, 2010





මම මේ කියන්න යන්නේ ඔය ඉස්කෝලේ යනකාලේ උත්තර පත්තර කොපිරීම ගැනනම් නොවෙයි. :D අපිනම් හැබැයි ඕවා කලේ නෑ :P ! මට මේක ගැන ලියන්න හිතුනේ මම මේ ෆයිල් වගයක් ඊයේ කොපි කරා 130GB විතර, නිකන් කලානම් කොපමණ කාලයක් යයිද කියලා සිතුනා.

මේකට මට හොද software එකක හම්බ උනා, එකේ නම Fastcopy, මේක යොදාගන HDD to HDD, USB, DVD වගේ දේවල් වින්ඩොස් වල normal speed එකකට වඩා වෙගයෙන් කොපි කරන්න පුලුවන්, මේක අනික Open Source එකක් :D

මේකේ copy පමණක් නොවෙයි, Move, Delete, Sync වගේ දෑද කරන්න පුලුවන්. මේක හැබැයි ජපන් කෙනෙකු විසින් (Mr. SHIROUZU Hiroaki) හදපු එකක්, ඉතින් document නම් ගොඩක් ජපන් :D හැබැයි, English වලිනුත් ගොඩක් දේවල් තියනව ඔහුගේ වෙබ් අඩවියේ.

මේතියෙන්නේ එහි මුහුණත.

මේ තියෙන්නේ file එකක් මත right click කල පසුව normal copy අමතරව FastCopy කියාද පෙන්වයි.

මෙන්න FastCopy network share එකක් හරහා කොපි කරන ආකාරය, මෙහිදී මම buffer එක 32MB සිට, 250MB දක්වා වැඩි කරා, වේගය වැඩි කිරීම හදහා, හැබැයි මතක තියාගන්න මේලබාදෙන Memory ප්‍රමාණය ඔබගේ පරිගනකයේ මතකයෙන් වෙන්වන බව.

0 comments:

Post a Comment