නවතම Google Page Rank වර්ගීකරණය
දැන් මේ දේ සිද්ධ වෙලා දවසක් දෙකක් ගත වුනා. හැබැයි මේ ගැන කවුරුත් කතා නොකරපු නිසා මේ ගැන ලියන්න හිතුනා. Google Page Rank ගැන හරි වැටහීමක් නැත්නම් Google PageRank™ ගැන සරල හැදින්වීමක් බලන්න.
ඕනෙම වෙබ් අඩවියක ගුණාත්මක බව තක්සේරු කරන්න අද කලේ භාවිතා කරන හොදම මිණුම් දණ්ඩ ලෙස කවුරුත් පිළිගන්නේ මේ Google Page Rank වර්ගීකරණය. ඉතින් අපි වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් පවත්වා ගෙන යද්දි අනිවාර්යයෙන් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මමත් සති ගණනක් තිස්සේ අළුත් වර්ගීකරණය දැනගන්න හරි උනන්දුවෙන් සිටියෙ. ඇත්තටම මෙවර මේ බ්ලොග් එකට PR3 ලැබිලා තියෙනවා. ඒ මට back links ලබාදුන් අයගේ සහයෝගයත්, හොද අන්තරගතයක් නිර්මාණය කරගන්න ඔබ ලබාදුන් ප්‍රතිචාරත් නිසාත් තමා. ඉතින් ඒ හැමෝටම මම ස්තූති කරන්න ඕනෙනේ
,ඉතින් ඒ විතරක් මදිනේ, මගෙනුත් ඔබට වැඩි Google PR කරගැනීමට සහයක් දෙන්න ඕනෙනේ. ඉදිරියෙදී මම පහත ආකරයට අවශ්‍ය සහාය ලබා දීමට අදහස් කරනවා.
- සුපිරි ප්‍රතිචාර දක්වන්නො යටතේ සිටින අයට Dofollow backlinks ලැබීම.
- ඉදිරියේදි සියළුම ප්‍රතිචාර Dofollow comments(comment Luv)ආකරයට පරිවර්ථනය කිරීම. මොකද මෙම බ්ලොග් එකෙ සමහර ලිපි වලටත් Google PR වර්ගීකරනය ලැබී තිබෙනවා. උදාහරණයක් ලෙස වඩාත්ම ජනප්‍රිය ලිපි පරීක්ෂා කරන්න. ඉතින් ඒවගේ ප්‍රතිචාර දැක්වූ අයට හොද පිටුවහලක් ලැබෙයි.
- Search Engine Optimization ගැන ලිපි වැඩි ගණනක් පළ කිරීම. දැනටමත් මේ ගැන ගොඩක් අය විමසීම කරන නිසා ඉදිරි දිනවලදී ලිපි පළ කරන්නම්.
හැබයි මේ ප්‍රතිචාර දක්වන්නන්ට ලබා දුන් අනගි අවස්ථාවෙන් සමහර අයට අයුතු ප්‍රයෝජන ගන්න පුලුවන් නිසා, ප්‍රතිචාර ගැන මම දැඩි විමසිල්ලෙන් ඉන්නම්
ඉතින් මගෙ ඉලක්කය නම් මේ වසර තුලදී PR5 අත් කරගැනීම. ටිකක් අමාරු කටයුත්තක්. ඉතින් ඔබගේ වෙබ් අඩවි, බ්ලොග් අඩවි වල PR කොහොමද? මම දැකපු ගොඩක් බ්ලොග් අඩවි වල තත්වය සුභයි වගේ.




0 comments:
Post a Comment