අන්තර්ජාලයෙන් නිවැරිදිව මුදල් ඉපයීමට පටන් ගමු 1
හ්ම්! ටිකක් අමාරු කටයුත්තක් වගෙ, ඔව් ඇත්තටම ලේසිම නැහැ. ඒත් වැඩිය අමාරුත් නැහැ. සමහර අය කියන්නෙ මේ දේනම් කරන්නම බැරි දෙයක් කියලා, ඒ ඉතින් එයාලගේ දැනුම් මට්ටම් අනුව කියන කතානෙ.තවත් මතක තබාගත යුතු වැදගත් කරුනක් තියෙනවා, එය නම් මෙවැනි දේවල් එක රැයකින් ඉගෙන ගෙන කිරිමට පුලුවන් දේවල් නම් නෙවෙයි. ඒ සදහා ඔබට අන්තර්ජාලය පිලිබද මනා අවබොධයක් තිබිය යුතුයි. මමත් මේ පිලිබද ඉගෙන ගැනීමට විවිධ උපාය මාර්ග වසර 2ක් භාවිතා කළා, එවිට දැක්ක වඩාත් පහසුම ක්‍රම් වුනේ Web Mastering Forums, Blogs, Ebooks පරිහරණය කිරීමයි, මොකද අපට වඩාත් පහසුවෙන් නිවැරිදිව සහ කිසිම මුදලක් වියදම් නොකර ඉගෙන ගැනීමට මෙම මූලාශ්‍ර ප්‍රයොජනවත් වන නිසයි.
ඇත්තටම මා මෙතෙක් දැක්ක වඩාත්ම හොද forum එක නම් Digitalpoint වෙබ් අඩවියයි, ඔබ්ත් මෙහි සාමජිකයෙකු නොවේ නම් සමාජිකත්වය නොමිලේ ලබාගත හැකියි.
ඉතාම වැදගත් කරුන නම් මෙහි ඇති rules හොදින් කියවා තෙරුම් ගැනීමයි.එය කිරීමට අපහසු වුනොත් ඉතින් ජීවිතේටම වුනත් සාමාජිකත්වය අත්හිටුවාගැනිමට සිදුවෙනවා, ඉතින් පොඩ්ඩක් මේ ගැන සැලකිලිමත් වෙන්න.
හ්ම්, මෙහෙම බලපුවම සල්ලි හොයන එකත් ලේසි නෑ කියල හිතෙයි. ඔව්! ඉතින් අපි මොනදේ කරන්නත් වටපිටාව ගැන ඉගෙන ගන්න අවශ්ය වෙනවනෙ. ඉතින් මම බ්ලොග් ගැනත් කිව්වා නේද? ඒකට නම් මම දැක්ක හොදම බ්ලොග් එක තමා ProBlogger බ්ලොග් සටහන,![]()
මෙහි බ්ලොග් ලියන Darren Rowse ඉතාම මැනවින් අන්තර්ජාලය පමණක් භාවතා කරම්න් මුදල් සොයනවා.
මම ආරම්හයක් විදිහට ඔය වෙබ් අඩවි දෙක ගැන සදහන් කලේ,ඔයලට පොඩි හැදින්වීමක් ලබා දෙන්නයි.හ්ම්, දැනට ඇති වගේ. මට තව දෙයක් කියන්න අමතක වුනා, ඔයාල ගාව තියෙන්න ඔනෙ මොනවද කියලා!ඉදිරියේදි මම කියලා දෙන්න යන ක්‍රම වලට මෙන්න මේ දෙවල් තමන් සතු කරගන්න වෙනවා, මොනවහරි අපහසු තැන් තියෙනවනම් මට කියන්න! මම හැකි ආකාරයට උදව් කරන්නම්.
මෙන්න එහෙනම් ලයිස්තුව
- බ්ලොග් අඩවියක් හො වෙබ් අඩවි කීපයක්.
- Web Hosting Account (අපහසු නම් මම උදව් කරන්නම්).
- Paypal , MoneyBookers Account.
- Google Adsense Account.
ඉදිරියේදි මම පහසු ක්‍රම රැසක් පැහදිලි කරන්නම්. (CPC, CPA, PPC, Adsense, Web Site & Domain Flipping, Promotions, SEO etc)




0 comments:
Post a Comment