Saturday, March 6, 2010

Payoneer USA Bank Account එකක වැදගත්කම සහ එම පහසුකම ලබාගන්න හැටි


ලගදි USA Bank Account එකක් ලැබුනු නිසා මේ ගැන දැනුවත් කරන්න ලිපියක් ලියන්න සිතුනා. මෙම සේවාව සපයන්නේ Payoneer, ඔවුන් දැන් ඕනෑම රටක සිටින Payoneer Debit card (නොමිලේ ගෙදරටම ලැබෙන Credit Card)හිමියන්ට මෙම සේවාව සහනදායි මුදලකට සපයනවා. මුලින්ම බලමු USA Bank Account එකක ඇති වැදගත්කම,

  • Paypal, Moneybookers, 2checkout, Adsense etc මගින් ලැබෙන ගෙවීම් එකතු කර Payoneer Debit card එක මගින් ශ්‍රී ලංකාවේ සිට මුදල් ලබා ගැනීමේ හැකියාව.
  • වසරකට $20ක සහනදායි නඩත්තු මුදලක් අය කිරීම.
  • ATM එකක් හරහා මුදල් ලබා ගැනිමේදී 1% ක් තරම් අඩු සේවා ගාස්තුවක් අය කිරීම.
  • Paypal, Moneybookers, 2checkout, Adsense මගින් Withdraw කිරීමේදි නොමිලේ සහ අනෙකුත් ක්‍රම වලට වඩා ඉක්මනින් මුදල් ලබා ගත හැකි වීම.
  • ACH ක්‍රමයට තුන්වෙනි පාර්ශවයකින් ලැබෙන ඕනෑම තැන්පතුවක් ලබා ගැනීමට හැකි වීම.

මම නම් මේ දිනවල අත්හදාබැලීම් දෙකක් සිදු කරා, ඒ Paypal සහ Moneybookers Withdraw වලින් කිරීම්. ඔබටත් paypal මුදල් ලබා ගත හැකි ගිණුමක් (මේ සදහා විදේශයක(India, USA, UK etc) සිටින කෙනෙකුගේ සහාය අවශ්‍ය වෙනවා ) තිබේ නම් මෙම Payoneer USA Bank Account එක කෙලින්ම Paypal ගිණුමට සම්බන්ධ කර දින 2-3 ඇතුලත ලංකාවටම මුදල් ගෙන්වා ගත හැකියි :) MoneyBookers වලින් නම් සතියක් පමණ ගත වෙනවා :( පහත රූප සටහන බලන්න

ImageVisit ~ Fast Way to Host Images

මේ Payoneer USA Bank Account එකේ විස්තර දැක්වෙන හැටි

ImageVisit ~ Fast Way to Host Images

ඉතින් මෙම පහසුකම ලැබෙන හැටි කිව්වෙ නැහැනේ :D , තවමත් මෙය ලබාගන්න ආකාරය Payoneer වෙබ් අඩවියේ දක්වා නැහැ, ඔබත් Payoneer Debit Card හිමියෙකු සහ එය කිහිප වතාවක් Load, Transaction කර ඇත්නම් feedback@payoneer.com මගින් අයදුම් කරන්න, එවිට ඔවුන් ඔබට සුදුසුකම් පවතිනවාද යන්න සදහන් කරයි.

0 comments:

Post a Comment