Google Blogger භාව්තයෙන් සිංහල බ්ලොග් ලිවීම
9 commentsඅන්තර්ගතය෴
1. Blogger හැදින්වීම
2. Blogger භාව්තයෙන් සිංහල බ්ලොග් ලිවීම සඳහා තිබිය යුතු පෙර සැකසුම් හා අවශ්‍යතා
3. Blogger භාව්තයෙන් බ්ලොග් එකක් ඇරඹීම
4. Blogger හි පසු සැකසුම්
1. Blogger හැදින්වීම
1999 දී Pyra Labs ආයතනය මගින් බ්ලොග් ලිවීම ප්‍රචලිත කිරීම සඳහා ප්‍රථමයෙන්ම Blogger සේවය ආරම්භ කලා. ඉන් පසු 2003 දී පමණ Google ආයතනය මගින් Pyra Labs සමඟ ගිවිසුමකින් පසු Blogger සේවය Google විසින් ලබා ගන්නා ලදී. එතැන් සිට මේ දක්වා Blogger සේවය Google යටතේ සංවර්ධනය වෙයි. දැන් අප/ඔබ භාවිතා කරන නව Blogger නිකුතුව XML තාක්ෂණය මත තැනූවකි. මීට පෙර Blogger සේවය HTML තාක්ෂණය මත ලබාදුනි.
Blogger හි විශේෂතා
Blogger යනු ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින් සාදාගත හැකි / භාවිතා කල හැකි බ්ලොග් සේවා සපයන්නෙක්. ආරක්ෂාව අතින්ද ඉහලයි. ඒ වගේම බ්ලොග් එකෙහි සිදුවන සෑම දෙයක්ම ඊ මේල් ලෙස ලබාදීම කරනවා. අපි අලුත් ලිපියක් ලීවත්, කවුරුන් හරි අලුත් comment එකක් දැම්මත්, සියල්ල අපට ඊ මේල් ලෙස ලබාගත හැකියි.
ඒ වගේම Gadget install කිරීම ස්වයංක්‍රියව සිදුකිරීම, Post scheduling, Multi-User Support, Blog by Email,Blog by SMS/MMS, ආදී සේවා ද විශේෂිතයි.... එසේම බ්ලොගර්හි විවිධ වෙනස්කම් ( Editing ) සිදුකරමින් වඩාත් නම්‍යශීලී ලෙස භාවිතා කල හැකියි.
2. Blogger භාව්තයෙන් සිංහල බ්ලොග් ලිවීම සඳහා තිබිය යුතු පෙර සැකසුම් හා අවශ්‍යතා
මේ සඳහා ඔබේ පරිගනකයේ සිංහල ස්ථාපනය කොට තිබිය යුතුය. නැතහොත් ඔබේ වෙබ් බ්‍රව්සරයේ සිංහල ස්ථාපනය කොට තිබිය යුතුය. උක්ත ක්‍රියා දෙක පැහැදිලිවම දෙකකි :o . එනම් ඔබ පරිගනකයේ සිංහල ස්ථාපනය කොට ඇත්නම් ඔබට පරිගණකයේ ඕනෑම ස්ථානයක සිංහල භාවිතා කල හැකි වේ. ඒ සම්බන්ද විස්තර මෙතනින් ලබාගත හැක. ඔබ Sinhala IE ස්ථාපනය කොට ඇත්නම් ඔබේ වෙබ් බ්‍රව්සරයේ පමණක් සිංහල පෙන්වන අතර කියවීම පමණක් සිදුකල හැකි වේ. එවිට සිංහල යතුරු ලියනය අන්තර්ජාලයේ සිට සිදුකල යුතු වේ. එවැනි වෙබ් අඩවි කිහිපයක්...
UCSC
Helabasa
SBU - List
Malinda
තවද Blogger හි ගිණුමක් ඇරඹීමට ඔබට Gmail ගිණුමක් තිබිය යුතුය :D . තවමත් ඔබට Gmail ගිණුමක් නැතිනම් මෙතනින් ගිණුමක් තනාගන්න.
3. Blogger භාව්තයෙන් බ්ලොග් එකක් ඇරඹීම
Blogger බ්ලොග් එකක් ඇරඹීම ඉතා සරල ය.
අදියර තුනකින් එය තනා ගැනීමට පහසුකම් ඔවුන් සපයා දී ඇත. පළමුවෙන්ම Blogger වෙබ් අඩවියට පිවිසෙන්න (http://www.blogger.com). ඉන්පසු Create your Blog NOW! යන බොත්තම එබීමෙන් ඔබේම බ්ලොග් එකක් තැනීමේ පළමු අදියරට පිවිසෙන්න.
අදියර 1: Create Account
රූපයේ දැක්වෙන පරිදි ඔබගේ Gmail ගිණුම භාවිතා කර ෆෝරමය පුරවා Continue බොත්තම ඔබා දෙවන අදිවරට පිවිසෙන්න.

අදියර 2 : Name your Blog
මෙහිදී ඔබ තැනීමට අදහස් කරන බ්ලොග් එකෙහි නම ( Blog Tittle ) සහ එහි වෙබ් ලිපිනය ( Web Address / URL ) ඇතුලත් කිරීමට අවස්ථාව සපයයි. මේ දෙකම මින් පසු අවස්ථාවක වුවද වෙනස් කිරීමට පහසුකම් සපයා දී ඇත :f .

අදියර 3 : Choose a Template/Theme
මෙහිදී ඔබගේ බ්ලොග් එකට ඇඳුමක් ( Template එකක් ) තෝරා ගැනීමට අවස්ථාව ලබා දේ. මෙම ස්ථානයේදී Blogger විසින් ලබාදෙන Theme පමණක් ඇතුලත් කිරීමට ඉඩ ලබා දේ. ඔබට වෙනත් Theme ඇතුලත් කිරීමට අවශ්‍යය නම් එය පසුව සිදුකර ගැනීමට අවකාශ ලබාදී ඇත :f .

සුභ පැතුම්... දැන් ඔබ, ඔබගේ බ්ලොග් එක තනා අවසන්... :z . දැන්ම ලියන්න පටන් ගන්න :$ .
4. Blogger හි පසු සැකසුම්
මම නැවත Blogger වලට පිවිසී ලිපි ලියන්නේ කෙසේද?
පෙර පරිදිම http://www.blogger.com වලට පිවිසී Log in වෙන්න. ඔබ නිවරදිව ඇතුල් වූයේ නම් ඔබගේ Blogger Dashboard එක පෙනෙන්නට තිබේවි. එහි සිට ඔබගේ බ්ලොග් එකෙහි සියළු පාලන කටයුතු සිදුකල හැකියි.

ගැජට් (Wedget / Gadget) එක් කිරීම
ඔබ කැමති වේවි විවිධ වර්ගයේ ගැජට් ඔබගේ බ්ලොග් එකට එක් කර ගන්නට!! ඒ කියන්නෙ "ටික කලකට පෙර ලියන ලද ලිපි වල විස්තර" , "ආසන්නතම අදහස් දැක්වීම් ටික" , "පිංතූර, වීඩියෝ ටිකක්" ... :d වගේ දේවල්
එක් කිරීම Layout > Page Elements වෙත පිවිස Add a Gadget යන්න තේරීමෙන් සිදුකර ගත හැකියි.

Theme වෙනස් කිරීම සහ නව Theme එක් කිරීම
තීම් වෙනස් කිරීම Layout > Choose New Template වෙත ගොස් පහසුවෙන් සිදුකර ගත හැකියි. නමුත් එහි ඇත්තේ සීමිත තීම් පුමාණයකි. එනිසා අනිවාර්‍යයෙන්ම ඔබ වෙනත් තීම් සොයාවි. ගූගල් සෙවුමකින් පහසුවෙන් තීම් සොයාගත හැකියි. Blogger තීම් ඇති වෙබ් අඩවි කිහිපයක්...
3columntemplates
blogcrowds
blogflux
FREE THEMES
මෙම තීම් ලැබෙන්නේ XML ගොනුවක් ලෙස හෝ කේත සටහනක් ලෙසයි. එය Layout > Edit HTML වෙත ගොස් XML ගොනුව Up load කිරීමෙන් හෝ කේත සටහන Paste කිරීමෙන් සිදුකල හැකියි.
හැබැයි බොහෙම පරිස්සමෙන්!! තීම් වෙනස් කරද්දි / Edit කරද්දි හැමවෙලේම කලින් තිබ්බ තීම් එක Back up කරගන්න. ඒ සඳහා පහසුකමුත් Blogger වලම සපයා දීලා තියෙනවා. හදිස්සියෙ වැරදීමක් උනොත් ඒක බොහොම ප්‍රයෝජනවත් වේවි :) .
෴සිංහල වෙබ් අවකාශයට පිවිසි සැමට තුති෴



0 comments:
Post a Comment