Saturday, March 6, 2010

Payoneer Debit Cards ගැන සම්පූර්ණ සිංහල බ්ලොග් සටහන
නොවැම්බර් 22, 2009 by Rukshan Kothwala · 44 Comments
Filed under: අන්තර්ජාලය, ක්‍රම සහ විධි, මුදල් ඉපයීමේ ක්‍රම, වෙබ් අඩවි

මට මේ බ්ලොග් සටහන ලියන්න හිතුනේ බොහෝ දෙනෙක් නිතරම මේ ගැන අහන නිසා. මේ වෙනකොට ඔබ Payoneer Debit Cards ගැන අහලා ඇති, නමුත් මම දැක්ක දෙයක් තමයි මේවාගේ භාවිතය ගැන හරි අවබෝධයක් නැතිවිම. ඉතින් මම දන්නා සියලු දේවල් මෙතන ලියන්න සිතුනා, සමහර විට හැම දෙයක්ම නැති වෙයි. එහෙම නැති දෙයක් තියෙනවනම් ප්‍රතිචාරයක් දමන්න. මේ Payoneer Debit Cards වලින් කරන්නෙ ලෝකයේ බොහෝ රටවලට සහයෝගය දක්වන ලෙස මුදල් ගෙන්වා ගැනීම් සහ ගෙවීම් කරන්න පහසුකම් ලබා දෙන එක. ඇත්තටම payoneer සේවාව මගින් කරන්නේ තුන්වෙනි පාර්ශවයක් ලෙස අවශ්‍යවිට Debit Cards නිකුත් කිරීම සහ ඒවා පාලනය කිරීම පමණයි. ඉතින් අපට කෙළින්ම payoneer වෙබ් අඩවියෙන් මේවා ලබාගන්න බැහැ, එතකොට තමයි අපට Vendor කෙනෙකු හරහා මෙයට අයදුම් කරන්න වෙන්නේ, මේ මගින් ගෙවීම් ලබාදෙන වෙබ් අඩවි කිහිපයක්.

* GetAFreelancer
* uTest
* oDesk
* ScriptLance
* 2CheckOut
* Plimus
* FastSpring
* MediaWhiz
* Bux.to
* Copeac
* Text-Links-Ads
* AWEmpire
* Adult Friend Finder
* Hustler Cash
* FreedomRocks
* rentacoder
* GPA40
* iStockPhoto
* Fluc

නමුත් අපට හැම එකක්ම භාවිතා කරන්න බැහැනේ, ඉතින් තමන්ට අවශ්‍ය එක මොකද්ද කියන එක තමන්ම තෝරාගන්න. බොහෝ වෙබ් අඩවි මේවා නොම්ලේ එවන නිසා නිකරුනේ ගෙන්වා ගන්න යන්න එපා! මොකද cards 4-5 එකම නමට සහ ලිපිනයට ලැබුනම ඔවුන් යම් යම් සීමා පනවනවා. මේ මා සතුව Debit Cards ඇති. නමුත් මා භාවිතා කරන්නේ 2checkouts සහ Fastspring Debit Cards දෙක පමණයි :D

සාමන්‍යයෙන් Payoneer Debit Card එකකට අයදුම් කලාම දින 1-2 ඇතුලත එය අනුමත වුනාද නැද්ද යන්න ඔවුන් අපට දන්වනවා. අනුමත වුන Payoneer Debit Card එකක් ශ්‍රී ලංකාවට ලැබෙන්න සති තුනක් පමණ ගත වෙනවා, නමුත් ඔබට එය දින කීපයකින් ලබාගන්න අවශ්‍යනම් fedex හරහා තරමක මුදලක් වැය කර ගෙන්වාගන්න පුළුවන්.

Payoneer Debit Cards වලට මුදල් එක් කරන ආකාරය

1. Vendor(2checkout, plimus, fastspring, GAF etc )මගින් නිකුත් කරන ගෙවීම් මගින්.
2. Credit cards මගින් මේ පිටුවෙන්.
3. Western Union හරහා. (USA වල සිටින අයගෙන් පමණි)

Payoneer Cards Supported ATM යන්ත්‍ර ඇති ස්ථාන සොයාගන්න අවශ්‍යනම් මෙතනින් දැනගන්න.

Payoneer මගින් ලබාදෙන USA Bank Account එක ලබාගන්න ආකාරය:

මම නම් දැන් වැඩියෙන්ම භාවිතා කරන සේවාවක්, ඒ ඉතාම පහසුවෙන් මුදල් ලංකාවටම ලබාගන්න පහසු නිසා.

ඔබත් Payoneer Debit Card හිමියෙකු සහ එය කිහිප වතාවක් Load Attempts (අවම වශයෙන් 3ක්වත්), Transaction කර ඇත්නම් feedback@payoneer.com මගින් අයදුම් කරන්න, එවිට ඔවුන් ඔබට සුදුසුකම් පවතිනවාද යන්න සදහන් කරයි. වැඩිදුර තොරතුරු >> Payoneer USA Bank Account එකක වැදගත්කම සහ එම පහසුකම ලබාගන්න හැටි

තවත් විස්තර අවශ්‍යද???

Payoneer FAQ

Payoneer Forum

දුරකථන මගින්: 1-847-461-1386 x2 (9:00-6:00pm EST Sun-Fri)

Live Chat

Payoneer පිලිබද යාවත්කාලීන වීම් Twitter මගින් ලබාගන්න

0 comments:

Post a Comment