ඔය වැඩක් නැතුව ඔහේ අන්තර්ජාලය අත පත ගගා ඉන්න වෙලාවක හම්බුනානේ නියම වෙබ් අඩවියක්. මේකේ නම තමයි DynDns.com. මේ ගැන වැඩි දුරටත් සොයද්දි තමයි දැනගත්තෙ මේ වෙබ් අඩවිය හරහා නියම වැඩ කරගන්න පුලුවන් කියලා. ඔන්න ඉතින් ඒවගෙන් එකක් ගැන තමයි මම මේ කියන්න යන්නේ. කවුද අකමැති තමන්ගෙම කියලා වෙබ් අඩවියක් පවත්වගෙන යන්න. ඒ වගේම ඒ වෙබ් අඩවිය තමන්ගෙ පරිඝණකයේ පවත්වගෙන යන්න පුලුවන්නම්, කවුද අකමැති වෙන්නේ.දැන් ඉතින් ගොඩක් අය ගාව පුළුල් පරාස අන්තර්ජාල පහසුකම් තියනවනේ, ඒ නිසා මේක එතරම් අපහසු කටයුත්තක් නෙවෙයි. Dial-up සම්බන්ධතාවයක් තියන අයටත් මේක කරලා බලන්න පුලුවන්. නමුත් ඉතින් මෙතනදී ඒ අයට තියන ප්‍රශ්නය තමයි තමන්ගෙ සම්බන්ධතාවය ක්‍රියාත්මක තත්වයේ තැබීමට සිදුවීම. එම නිසා ඔවුන්ට නම් මෙය ප්‍රායෝගික ලෙස දුෂ්කර කටයුත්තක්.
පළමුව අපගේ වෙබ් අඩවිය සඳහා ඩොමේන් නාමයක් ලබා ගත යුතු වෙනවා. මෙහිදී අප සතු ඩොමේන් නාමයක් හෝ DynDns මඟින් ලබා දෙන ඩොමේන් නාමයක් භාවිත කල හැකියි. සාමාන්‍යයෙන් අන්තර්ජාල සේවා සපයනෙකු අන්තර්ජාලයේ සැරිසැරීමට අපහට ලබා දෙන්නේ Dynamic IP ලිපිනයන්. නමුත් වෙබ් අඩවියක් තම පරිඝනකය තුල පවත්වාගෙන යාමට නම් Static IP ලිපිනයක් තිබිය යුතුයි. මෙන්න මෙම අවස්ථාවෙදී ඉහත හිඩැස පිරවීම DynDns මඟින් බාරගන්නවා. එය සිදුකරන්නේ DynDns මගින් නොමිලේ ලබා දෙන DynDns Updater නැමැති ග්‍රාහක මෘදුකාංගය මඟිනී. මෙහිදී සිදුවන්නෙ DynDns හී DNS සර්වරයෙ අපගේ ඩොමෙන් නාමයට අදාල IP ලිපිනය ලෙස සේවා සම්පාදකයා විසින් අපහට ලබා දුන් IP ලිපිනය යාවත්කාලීන කිරීමයි. අපහට අලුත් IP ලිපිනයක් ලැබෙන හැම වාරයක් පාසාම මෙම යාවත්කාලීන වීම සිදුවෙනවා. මේ නිසා අපහට කුමන IP ලිපිනයක් ලැබුණත් ඉහත ක්‍රියාදාමය මඟින් අපගේ ඩොමේන් නාමයට අදාල IP ලිපිනය කළමනාකරණය කර ගන්නවා.
මෙහිදී තවත් කරුණක් මතක් කල යුතුයි, එනම් සමාන්‍යයෙන් අපගෙ අන්තර්ජාල සම්බන්ධතාවල Upload වේගය Download වේගයට වඩා ඉතාමත් අඩුයි. නමුත් වෙබ් සර්වරයක් පවත්වගෙන යාමට නම් හොඳ Upload වේගයක් තිබිය යුතුයි. එමනිසා තම පරිඝනකය තුල පවත්වගෙන යන වෙබ් අඩවිය පිටු කිහිපයකින් සමන්විත කුඩා එකක් වීම වඩා යෝග්‍යයි. එමෙන්ම අන්තර්ජාලය තුල තම පරිඝනකය විශේෂිතව හඳුනාගැනීම සඳහාත් මෙය භාවිත කල හැකියි.
මීට අදාල වීඩියෝව නරඹන්න…කරන්නේ කොහොමද?



0 comments:
Post a Comment