RSS feed පිලිබද සරල හැදින්වීමක්
මෙයත් Web 2.0 සමග පැමිණි හොද සේවාවක්, මෙම්ගින් ඔබට වෙබ් අඩ්වි පරිහරණය කිරිමේ වේලාව ඉතිරි කර ගත හැකියි. මොහොතක් සිතන්න, ඔබ වඩාත් ප්‍රියකරන බ්ලොග් අඩ්වි 10ක් පමණ දිනකට කියවීමට අවශය වුවත් අන්තර්ජාල්යේ සිටීමට ඇති කාලය සීමාසහිත නම්. අන්න එතකොට තමා RSS feed එක වැදගත් වෙන්නෙ, සරලව කිව්වොත් එයින් කරන්නේ යාවත්කාලීන(Updates) වුනු අන්තර්ගතය(Posts, Comments) ඔබට වෙබ් අඩවියට පිවිසීමකින් තොරව බලා ගැනීමට හැකි වීම.ඔබට මෙම සේවාව ලබා ගැනීමේ විවිධ ක්‍රම භාවිතා කරන්න පුලුවන්, ් වඩාත් පහසුම සහ මම දැනට භාවිත කරන ක්‍රම 2ක් ගැන සදහන් කරන්නම්. උදාහරණයක් ලෙස මෙම බ්ලොග් එකට දායකත්වය ලබාගන්නා අයුරු පැහැදිලි කරන්නම්.
Firefox Browser එක භාවිතා කරමින්
මෙය තමා මම දුටු වඩාත් පහසුම ක්‍රමය, මුලින්ම Firefox Browser එකේ http://www.sinhalablog.com/feed ලිපිනය සටහන් කරන්න, එවිට පහත ආකරයට, ඉතාමත් පහසුවෙන් කරගැනීමට පුලුවන්.

Google Reader එක භාවිතා කරමින්(නිර්දේශිත ක්‍රමය)
මෙය තමා වඩාත්ම කාර්යක්ෂම ක්‍රමය, මොකද Google කිව්වොත් කරන්නෙ නොම්මර එකේ වැඩක්නේ. මුලින්ම Google Reader එකට පිවිසෙන්න, මෙයත් නොමිලේ ලබා දෙන Email Account(Gmail)එකක් හා සමානයි. දැන් මෙම බ්ලොග් එකේ දකුණු පස ඇති
එකේ right click කර path එක copy කරගන්න. දැන් Google Reader එකට ගොස් පහත රූපසටහන් වල දැක්වා ඇති ආකාරයට උපදෙස් පිලිපදින්න.
අවසානයේ ඔබට මෙම බ්ලොග් එකේ ඇති සියලුම ලිපි ඉතාමත් ඉක්මනින් පරිහරණය කිරීමට පුලුවන්. මෙහි ඇති සුවිශේෂිවත්වය නම් මෙවැනි බ්ලොග් අඩවි විශාල ගණනක් මෙයට එකතු කර එකම වෙලාවකදී, එකම තැනකදී බ්ලොග් අඩවි වලට වෙන වෙනම පිවිසෙන්නේ නැතිව බ්ලොග් ලිපි කියවීමට පුලුවන් වීම.



0 comments:
Post a Comment